“මිහිමව රකින්නට තෙලි තුඩක් මවන රූ රටා” ලෙස නම් කළ නෙස්ලේ ලංකාහි සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරමින් පසුගිය සතියේ අවසන් විය.
ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම තරඟය සංවිධානය කරන ලද්දේ පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ දිගුවක් ලෙසය. මෙය ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමට උපකාරී වේ. මෙම කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මේ වසරේ දිවයින පුරා පාසල් 800 කට අධික සංඛ්‍යාවක සිසුන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට විය. මෙම චිත්‍ර තරගය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරන සිසුන්ගෙන් 80,000 ක පිරිසක් සහභාගී විණ.