ධාවනය වෙද්දී කාර්මික දෝෂයක්: – මෝටර් රථය අඩි 300ක ප්‍රපාතයට

157

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් එම මෝටර් රථයේ රියැදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පැවසීය.

ඊයේ (22 දා) උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බි්‍රජ් එඩිට් ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇත.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

නුවරඑළිය – නාලක රත්නායක


advertistmentadvertistment