රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේදී අනතුරට ලක්ව රෝහලේ සිටි විදේශීකයා ජීවිතක්ෂයට

54

මුහුදේ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී අනතුරට ලක්ව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශික තරුණයෙක් 10 වෙනිදා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

එම තරුණයා, පසුගිය 05 වෙනිදා ගාල්ල, දෙවට ප්‍රදේශයේ මුහුදේ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී සර්ෆින් පුවරුව මත ලිස්සා ඇදවැටී තිබේ. ඉන් පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ඩැනියෙල් ෂාකෝව් නැමැති හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි 16 වියැති කසකස්තාන් ජාතික තරුණයෙකි. ගාල්ල, වරාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බද්දේගම – ඕෂධ ගමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment