සෝමලතා සුභසිංහ ප්ලේ හවුස් ඉදිරිපත් කරන 7 වැනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා විභාග සඳහා ‘නාට්‍ය හා රංග කලා’ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාඨමාලාව – 2025, හෙට (03දා) ආරම්භ කිරීමට නියමිතය. සිසුන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීම, ලෝකාවබෝධය, මානව සම්බන්ධතා, රංගනය පිළිබඳව මූලික අවබෝධය සහ ආත්ම විශ්වාස වර්ධනය යන කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ.
|