ඖෂධ සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි කරන්න – – ඇමැති කෙහෙලිය

82

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඒ ඒ ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඊයේ (01දා) උපදෙස් දුන්නේය.

මේ යටතේ ඇතැම් ඖෂධ සඳහා පවතින ඖෂධ සැපයීමේ ඒකාධිකාරිත්වය වෙනුවට තරගකාරිත්වයක් ඇතිවෙමින් ඒ තුළ ඖෂධ හිඟය හා මිල ඉහළ යෑම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකිවනු ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතනවල නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment