නිපොන් පේන්ට් ආයතනයේ සේවක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සිංහල අලුත් අවුරුදු උළෙලක් පසුගියදා මොරගල්ල CARLS REEF හෝටල් සංකීර්ණයේදී ඇති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
සාම්ප්‍රදායික අවුරුදු තරගවලට අමතරව විවිධ නව ආරයේ තරග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
අන්දයා මුට්ටිය බිඳීමේ තරගයේ තිබූ සෑම මුට්ටියකම මොනර කොළ හා ඩොලර් නෝට්ටු බහා තිබූ අතර මුට්ටිය බිඳින ලද තරගකරුවාට එහි තිබුණු නෝට්ටු එවෙලේම බාර දුන්නේය. ඉතා දර්ශනීය කැටසූදු පිටියක්ද දක්නට ලැබිණි. පිරිමි ගැහැනු භේදයකින් තොරව එහි ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.
දාම් ඇදීමේ තරග, ඔන්චිලිවාරම්, නිපොන් කුමරා හා කුමරිය තේරීම, ඇතුළු විවිධ තරග සඳහා වටිනා ත්‍යාග ප්‍රදානය කෙරිණි.
අලංකාර ගැමි ගෙදරක් සකසා එහි කුස්සියේ කැවුම්, කිරිබත්, ආස්මී, වැලි තලප, කොකිස් ඇතුළු විවිධ කෑම වර්ග එවලේම උයා උණු උණුවේම සියලුම දෙනාට ලබා දුන්නේය.