නීතිඥයාට පහරදීමට තැත්කළ පිය පුතු දෙදෙනා රිමාන්ඩ්

53

යාපනයේ මල්ලාකම් අධිකරණ භූමියේදී නීතිඥවරයකුට තර්ජනයකොට පහරදීමට උත්සාහ කළ කැනේඩියානු පුරවැසිභාවය හිමි පියෙකු හා පුතෙකු ජුනි මස 25 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (11 දා) නියෝග කළේය.

යාපනයේ සිට කැනඩාවට ගොස් එහි පුරවැසිභාවය ලබාගෙන සිටින පවුලකට අයත් ඉඩම් හා දේපළ තවමත් යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ඇති අතර ඔවුන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී එම ඉඩම් වලින් කොටසක් වෙනත් පුද්ගලයන් විසින් අල්ලාගෙන ඇති බව කියමින් පුද්ගලයන් කීප දෙනකු සමග විශාල ආරවුලක් ඇති කරගෙන තිබේ. ආරවුල් ඇතිකර ගත් පිරිස අතර කැනඩාවේ සිට පැමිණි පුද්ගලයාගේ නැගණියක් හා තවත් ඥාති සහෝදරයෙකුද සිටී. පසුව ඔවුන් මේ ගැන චුන්නාකම් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරමින් කැනඩාවේ සිට පැමිණි පියකු හා පුතෙකු තමන්ට පහරදීමට තැත්කොට තර්ජනය කරන බවට පොලිසියට පමිණිලි කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment