නිල්මහා සටන ජයපැරදුමින් තොරයි

92

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශා. තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවති 145 වැනි නිල්මහා සටන ජය පැරදුමින් තොරව පෙරේදා (09 වැනිදා) නිමාවට පත්විය.

තරගයේ අවසාන දිනය වූ පෙරේදා සිය පළමු ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියදී රාජකීය විදුහල විසින් අත්හිටුවනු ලැබූ අතර අනතුරුව ලකුණු 19 ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ ශා. තෝමස් ක්‍රීඩකයෝ තරගය ජය පැරදුමින් තොරව නිමා වද්දී පන්දුවාර 86 කදි කඩුලු 4 කට ලකුණු 229 ක් රැස්කරගෙන සිටියහ.

දිනෙත් ගුණවර්ධන එහිදී ලකුණු 74 ක් හා නායක මහිත් පෙරේරා ලකුණු 63 ක් බැගින් රැස් කරගෙන සිටියහ. රමිරු පෙරේරා පන්දු වාර 28 කදී ලකුණු 87 කට කඩුලු දෙකක් බිඳ හෙළීය.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජකීයයන් පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත් අතර ඒ අනුව ශා. තෝමස් ක්‍රීඩකයෝ පන්දුවාර 88.2 කදී සියල්ලන් දැවී ලකුනු 297 ක් රැස් කළහ.

ආරම්භක පිතිකරු සදෙව් සොයිසා (83) හා දිනෙත් ගුණවර්ධන (50) එහිදී පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී රමිරු පෙරේරා හා සිනෙත් ජයවර්ධන අතරේ කඩුලු 4 බැගින් බිදී ගියේය.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීයයන් පන්දුවාර 102.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 92 ක් එහිදී රැස් කළේය. පන්දු යැවීමේදී අෂේන් පෙරේරා කඩුලු 5 ක් දවා ගත්තේය.

ශා. තෝමස් පළමු ඉනිම 297/10 (පන්දුවාර 88.2)

සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, නේදන් කල්දේරා 44, රමිරු පෙරේරා 4/55, සිනෙත් ජයවර්ධන 4/68

රාජකීය පළමු ඉනිම 278/9

සිනෙත් ජයවර්ධන 92, ඔවින අඹන්පොල 36, නෙත්වින් ධර්මරත්න 41, දිනුර සේනාරත්න 33,

පන්දු යැවීම

නිල්මහා සටන ජයපැරදුමින් තොරයි

අශේන් පෙරේරා 34-74-5, ඩේරියන් ඩියේගෝ 20-40-2,

ශාන්ත තෝමස් දෙවැනි ඉනිම 229/4(86)

දිනෙත් ගුණවර්ධන 74, මහිත් පෙරේරා ලකුණු 63

පන්දු යැවීම

රමිරු පෙරේරා 87/2

advertistmentadvertistment
advertistmentadvertistment