නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ඔහුගේ බිරිඳ වන ශාමේන් කිරිඇල්ල මහත්මියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පුද කරනු ලැබිණි.
නීතිඥ වෘත්තියේ වසර 50ක් සපිරුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් වෙනුවෙන් ගෞරව උපහාර පිරිනැමීමේ උළෙලක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේ පසුගිය (15)දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කර තිබිණි. එහිදී දශක පහක කාලයක් පුරා නීතිඥයන් වශයෙන් නීතියේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට මෙන්ම පුරවැසි සමාජය වඩාත් සදාචාරවත් කිරීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ බිරිඳ නීතිඥ ශාමේන් කිරිඇල්ලට මහත්මියට ගෞරව සම්මාන පිරිනමන ලදී.