නුවරඑළිය නගර සීමාවට ඊයේ (28) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය සහ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසි ජලයෙන් යටවිය.
ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලා යෑම හේතුවෙන් නුවරඑළිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන නුවරඑළිය ධර්මපාල වටරවුම් මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වීම නිසා රථවාහාන ගමනාගමනයට දැඩි ලෙස බාධා පැමිණ තිබුණි. නුවරඑළිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබෙන ඡායාරූපයෙන් දැක්වේ.
නුවරඑළිය – නාලක රත්නායක