ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව සිටින පක්ෂ 11ක මන්ත‍්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත‍්‍රී 7.00ට විශේෂ සාකච්චාවක් පැවැත්වීමට ආරාධන කර ඇතැයි හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.එම පක්ෂ විසින් ඉදිරිපත්කර ඇති අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනාවලිය සම්බන්ධව මෙහිදී සාකච්චා කිරීමට නියමිතය.
|