පඬුකරඳ ගහ විනාශයට එරෙහිව උසාවි යනවා – පරිසරවේදී සජීව චාමිකර

205

පඬුකරඳ ශාකය විනාශ කිරීමට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි.

මෙම දුර්ලභ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිතා කර විනාශ කර දමා ඇති බවත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හා ශාකය සංරක්‍ෂණය කිරීම නිසි ක්‍රමවේදයකට තුලිතව ක්‍රියාත්මක කළ හැකිව තිබූ බවත් ඔහු කියයි.

වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 42 වැනි වගන්තිය යටතේ VIII වන උප ලේඛනයේ එම ශාකය ආරක්‍ෂිත ශාකයක් ලෙස ලේඛනගත කර ඇති බවත් එම ශාකයට හානි කිරීම නීති විරෝධී බවත් හෙතෙම කීය.


advertistmentadvertistment