තායි සටන් කලා ශූරතා තරගාවලිය
07 වන ජාත්‍යන්තර තායි සටන් කලා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම එහිදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙන් සමස්ත තරගාවලියේ පදක්කම් 10 ක් දිනා පසුගියදා දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 50 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙය තායිලන්තයේ බැංකොක් නුවර තායිලන්ත මූයි තායි සටන් කලා සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි.
මෙම තරගාවලියේ දී ඒ. ඒ. සහ්ලාන්, සෂේන් කළුබෝවිල සහ එම්. ආර්. එම්. ශහල් යන ක්‍රීඩකයින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.
එසේම එම්. අයි. එම්. ඉමාම්, සන්දේශ් තීක්ෂණ, සන්සිළු දිනංජය සහ තිසර අංජන රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර මෙම තරගාවලියේ දී කුමුදු ප්‍රසන්න, චමත් රාජපක්ෂ සහ රුසිරු රංගනාත් යන ක්‍රීඩකයන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල