පනත කඩ කර තහනම් ජලජ ජීවීන් ගුවනින් ගෙනා 3ක් කටුනායකදී මාට්ටු

206

වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත කඩ කරමින් බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් රංචුවක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු ඊයේ (01 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරයේ නිරත කාන්තාවක සහ පිරිමින් දෙදෙනෙකි. ඔවුන් ඊයේ උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පනත කඩ කර තහනම් ජලජ ජීවීන් ගුවනින් ගෙනා 3ක් කටුනායකදී මාට්ටු

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රතු කන් ඉබ්බන්, ඇළි රතු කන් ඉබ්බන්, රතු වළිග මගුරන්, ඇළි කිඹුල් මත්ස්‍යයන්, විවිධ වර්ගවල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් විශාල ප්‍රමාණයක් ද සිටිති.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් වර්ග දෙක දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත් එසේම රතු වළිග මගුරන් ද, එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පනත කඩ කර තහනම් ජලජ ජීවීන් ගුවනින් ගෙනා 3ක් කටුනායකදී මාට්ටු
පනත කඩ කර තහනම් ජලජ ජීවීන් ගුවනින් ගෙනා 3ක් කටුනායකදී මාට්ටු

මේ වනවිට මෙම සතුන් අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් මේ පිළිබඳව මෙම සතුන් රැගෙන ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳ රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තයට ප්‍රතිඅපනයනය කිරීම සඳහා භාරදීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment