පරිස්සමෙන් ! අකුණු ලකුණු සැරටම..

298

අද ( 16 ) දිනයට අදාළව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව, උතුරු-මැද පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇතිවීමට ඉඩ තිබේ .

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ය.


advertistmentadvertistment