කුසල්-අවිශ්කගෙන් දෙවැනි කඩුල්ලට ලකුණු 206ක වාර්තාගත සබඳතාවක්
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිව – රාත්‍රි තරගයක් ලෙස රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ඊයේ ඇරඹුණු පළමු තරගයේ පළමුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ප්‍රභල තැනක නැවතීමට හැකියාව උදාවිය.
කෙසේ වෙතත් වර්ෂාව යළිත් තරගයට හරස් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී පන්දු වාර 49 පන්දු 2කට මුහුණ දෙමින් ලකුණු 324ක් ලබා සිටියේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටයි. තරගයට සුළු වේලාවක් වර්ෂාවෙන් බාධා ඇති වුවත් එය තරගයට බාධාවක් ගෙන නොදුන් අතර ආරම්භක පිතිකරුවන් යුගල වූ පැතුම් නිශ්ශංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා පිටියට අවතීර්ණ වූහ.
ආරම්භක පිතිකරු වූ පැතුම් නිශ්ශංකට බලාපොරොත්තු වූ දස්කම් පෙන්වීමට හැකියාව අහිමි වූයේ ඩෆීගේ පන්දුවකට ලකුණු 12කට දැවී යෑම නිසාවෙනි.
ඉන්පසු ඉතා ආරක්‍ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සිය සිව්වැනි ශතකය ලබාගත්තේ පන්දු 114කට මුහුණ දෙමිනි. ඔහු ශතය ලබාගැනීමට හයේ පහරවල් 02ක් සහ හතරේ පහරවල් 09ක් ලබා ගත්තේය.
අවිශ්ක සිය ශතකය ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඒ වනවිටත් පැතුම් නිශ්ශංක දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නවසීලන්තයට හිසරදයක් වෙමින් පිටිය සිසාරා පහර එල්ල කළේය.
මීට පෙර උපුල් තරංග සහ සනත් ජයසූරිය දෙවැනි කඩුල්ල වෙනුවෙන් තබා තිබූ ඉහම ලකුණු සබඳතාව බිඳ දමමින් කුසල් සහ අවිශ්ක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 206ක සුපිරි සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ.
කුසල් සහ අවිශ්ක දෙදෙනාම තරගයේ රැස් කළේ 4 වැනි ශතකය වීමත් විශේෂත්වයකි. අවිශ්ක ප්‍රනාන්දු ශතකයක් රැස්කර තිබුණේ වසර 3කට පසුවයි.
කුසල් මෙන්ඩිස් ඉනිම් 22කට පසු ක්‍රීඩා කළ පළමු ශතකයත් මෙය වෙයි.
කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 143ක් ලබා සිටියදීයි.
චරිත් අසලංක ප්‍රවේගකාරී ලකුණු 40ක් ලබාගත්තේ පන්දු 28කට මුහුණ දෙමිනි. ශ්‍රී ලංකාව ඉතා ප්‍රභල තැනක සිටියදී අවසන් පන්දුවාරයේදී වර්ෂාව යළිත් තරගය තාවකාලිකව නවතා දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 234ක් ලබා සිටියේ කඩුලු පහක් දැවී ගොස් තිබියදීයි. ඒ වනවිට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2ක් යවා තිබිණි.
සංස්කරණය – සුසිල් ජයකොඩි