පාකිස්තානයට කඩුලු 7ක ජයක්

106

පාකිස්තාන ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින තරගාවලිය

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ඊයේ (14 දා) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 115ක් පමණි. එයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව ලකුණු 143ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් ලබාගනිමින්, පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණයට සඳහා ලකුණු 221ක අභියෝගයක් එල්ල කළද, දෙවැනි ඉනිම සඳහා පාකිස්තාන කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

මෙයත් සමගම තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 31.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 115යි.

සොනාල් දිනූෂ ලකුණු 30, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 28, විශාද් රන්දික ලකුණු 18, හෂිත විජේසුන්දර ලකුණු 13යි.

(කෂීෆ් අලී 31/5, කුරාම් ශේෂාඩ් 32/4, හුසේන් ටාලට් 25/1)

පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 81.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 258යි.

හුසේන් ටාලට් ලකුණු 56, රොහයිල් නසීර් ලකුණු 55, අලී සරාබ් ලකුණු 55, අබ්දුල් ෆාසිහ් ලකුණු 26, මොහොමඩ් සුලේමාන් ලකුණු 24යි.

(විශ්ව ප්‍රනාන්දු 44/4, ඉෂිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2, වනුජ සහන් 36/1, සොනාල් දිනූෂ 42/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සඳහා පන්දු වාර 96.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 364යි.

වනුජ සහන් ලකුණු 73, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 64, සොනාල් දිනූෂ ලකුණු 62, පවන් රත්නායක ලකුණු 60, අහන් වික්‍රමසිංහ ලකුණු 53යි.

(කුරාම් ශේෂාඩ් 70/5, කෂීෆ් අලී 79/2, මොහොමඩ් සුලේමන් 21/2)

පාකිස්තානය දෙවැනි ඉනිම සඳහා පන්දු වාර 53ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 222යි.

මොහොමඩ් සුලේමාන් ලකුණු 86, අලී සරාබ් ලකුණු 83, අබ්දුල් ෆාසිහ් ලකුණු 22, හේදර් අලී නොදැවී ලකුණු 19යි.

(ඉෂිත විජේසුන්දර 38/1, වනුජ සහන් 58/1, විශ්ව ප්‍රනාන්දු 65/1)

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment