පාතාල කෙළි මඬින්න තවත් වැඩක්

534

පළාත් පාලන මැතිවරණ සමයේ පාතාලයේ ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිසිය ආරක්‍ෂක හමුදාවේ සහය ඇතිව පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කර ඇත.

මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය බුද්ධි අංශ සහ සිවිල් ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් ද යොදවා ගෙන යයි.

මේ හැර ජංගම මුර සංචාර මෙන්ම ආරක්‍ෂක යතුරුපැදි ඒකකයක් ද ක්‍රියාත්මක කර ඇත.

කොළොන්නාව පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පාතාලය ඇතැම් පුද්ගලයන්ගේ හිතවත්කම් අනුව පාතාල අපරාධ සිදුකළ හැකි යැයි ද පොලිසිය සැක කරයි.

විවිධ දේශපාලන පක්‍ෂ ඈඳා ගැනීම සඳහා පාතාලය ඉතා සූක්‍ෂ්ම උපක්‍රම යොදා ගැනීමට ඉඩ තිබෙන බවද පොලිසිය සැක කරයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment