පොල්ගස්ඕවිට, සියඹලාගොඩ කපිල ප්‍රජා මණ්ඩලය 71 වරටත් සංවිධානය කළ 2025 කපිල සූර්ය මංගල්‍යයේ කපිල පාපැදි සවාරිය ඉකුත් දින සියඹලාගොඩ මංසන්ධිය අසලින් ආරම්භ කළහ.
මෙහි ප්‍රථම ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ පාපැදි සංචිතයේ ක්‍රීඩක සාරංග පෙරේරා ක්‍රීඩකයාට කපිල ප්‍රජා මණ්ඩලයේ ලේකම් ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දීප්ති ගුණසේකර මහතා ඔහුට සුබපැතුම් එක්කළ අවස්ථාව මෙහිවේ. කපිල ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ වොලිබෝල් ක්‍රීඩක ලක්සිරි පීරිස් මහතා ද ඡායාරූපයේ සිටියි.
පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම