පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එකතු වී නිවැරදි දැක්මක් ඇති ඔළුව තෝරාගත්තා

98

ඇමැති මනුෂ නානායක්කාර – ඊයේ (10) පාර්ලිමේන්තුවේදී

අපි මේ සටන කරන්නේ රට ගොඩනගන්න. පෝලිම් නැති කරන්න. සමහරු බස්වලින් සෙනඟ ගෙනල්ලා රැස්වීම් තියනවා. රටේ ආර්ථිකය වැටෙන විට උත්තර දෙන්න කියද්දි නිහඬව සිටියා.

මේක භාරගන්න කිව්වහම සජිත් අනුර කර ඇරියා. විසඳුම්වලට වසර පහක් යනවා කියලා ඔවුන්ම කිව්වා. කටක් තිබුණ කියලා රටක් ගොඩදාන්න බැහැ. නිවැරදි දැක්මක් තිබිය යුතුයි. ඒ නිවැරදි දැක්මක් ඇති ඔළුව තෝරාගත්තේ පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එකතු වෙලා.

එදා විපක්‍ෂ නායක කාර්යාලයට ඇවිත් කිව්වා මේ ආර්ථිකය හදන්න බැහැ භාරගන්න එපා කියලා ආර්ථික විශේෂඥයෝ කිව්වා. නමුත් අපි බලකලා භාරගමු කියලා. තවම අයි. එම්. එෆ් මුදල් ලැබී නැහැ. එසේ තිබියදීත් ඩොලරය අඩු වෙන්නේ. ශක්තිමත් වන ආර්ථිකය වට්ටන්න හන්දි හන්දි ගානේ උද්ඝෝෂණ කරනවා. පොලුවලින් ගහනවලු. කාගේ හරි උවමනාවකට රටේ උද්ඝෝෂණ කරනවා. රටේ මිලේච්ඡ පාලනයක් තියෙන්නේ කියලා ජාත්‍යන්තරයට කියන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි. අද විවිධ ප්‍රශ්න මතුවෙලා. මේ වෙලාවේ දියුණු රටක් ලෙස අපේ රට ඉදිරියට යන්න අවස්ථාව උදාවෙලා. රට ආපස්සට ගිහින් අපායක් කරගන්වා කියා සිතන්න. තායිලන්තයේ රැකියා දෙන බව කියා වංචා කර මුදල් ගත් ජවිපෙ අපේක්‍ෂකයෙක් ඇල්ලුවා. ජවිපෙ ඒ ගැන කතා නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment