පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය ඉංජිනේරු කියන තනතුරු අත්‍යවශ්‍ය කාරණා නෙවෙයි. උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවන්න ඕන කිව්ව පාර්ලිමේන්තුව අවසානයේදී වුණේ මිස්ටර් ඩොක්ටර් වෙලා මහාචාර්ය වෙලා පාර්ලිමේන්තු ගිහිල්ලා එළියට එද්දි මහාචාර්ය මිස්ටර් වෙන එක විතරයි වුණේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (17 දා ) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගේම උගත්කම් සහ සුදුසුකම් පරීක්ෂාවට ලක් කරන්න වෙයි මොකද අපේ වත්කම් බැරකම් මෙන්ම මැතිවරණයට යන වියදම් ප්‍රකාශයට පත් කරන්න පටන් අරන් තියෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් වෙනත් අණ පනත් අනුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ජනාධිපතිවරයා බවට පත්වීමටත් නුසුදුසුකම් කීපයක් ඇරෙන්න නිශ්චිත උගත්කම් සඳහන් කරලා නෑ. පසුගිය මැතිවරණ ක්‍රියාවලිය තුළ ජාතික ජන බලවේගය විසින් උගතුන් බුද්ධිමතුන් සිටිය යුතුයි කියලා ලොකු ජන මතයක් නිර්මාණය කළා.
එම ජන මතයට ආකර්ෂණය වෙලා ඡන්දය දුන්න ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්නද බොරු උගතුන් බොරු මහාචාර්යවරුන් බොරු ඉංජිනේරුවන්, බොරු නීතිඥවරුන් විදියට පාර්ලිමේන්තුව පෙනී සිටින්නේ.
බොරු ආචාර්යවරුන් බොරු මහාචාර්යවරුන් බොරු නීතිඥවරුන් විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවනම් වහාම ඒවා නිවැරදි කර ජනතාවගේ දුර්මතය නිවැරැදි කිරීම වත්මන් ආණ්ඩුවේ යුතුකමක්.
පාර්ලිමේන්තු මැතිවරණ පනත ඉතාමත් වැදගත්. 1981 අංක එක දරණ පනත අනුව යම්කිසි පුද්ගලයකු ජනතාව නොමඟ යවන විදිහට කටයුතු කරල අසත්‍ය තනතුරු සටහන් කරලා ජනමතය මංකොල්ලකාලා පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා නම් පාර්ලිමේන්තු පනත අනුව සහ මැතිවරණ පනත අනුව ඔවුන් කරලා තියෙන්නේ වරදක්. ඒ වරදට දඬුවම් ලබා දිය යුතුයි. මොකද ඒ අය පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ වැරදි කරන්නේ නෑ වැරදි කරලා නෑ කියලා.