පාරේ ගිය කාරය රියැදුරු පාලනයෙන් මිදී නිවසක මිදුලට පැන සිගිත්තියකට මරු කැඳවයි

261

මොරගහහේන, මිල්ලෑව පොල්වත්ත ප්‍රදේශයේ නිවසක ගේට්ටුවද කඩාගෙන මිදුලට කඩාවැදුණු මෝටර්රථයකට යට වී 7 හැවිරිදි දැරියක් අවාසනාවන්ත අන්දමින් මරුමුවට පත්වී තිබේ.

මෙම දැරිය පෙරේදා (23 දා) පස්වරු 1.45ට පමණ මිදුලේ කුඩා බයිසිකලය පදිමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ දිනිති සත්සරණි නමැති දැරියකි.

බෑවුම් මාර්ගයේ සිට පහළට රථය පදවාගෙන ඒමේදී තමාට රථය පාලනය කරගත නොහැකි වූ බවත්, එහිදී තමන්ට සිදුවූ අත්වැරදීමකින් එක්වරම රථය හැරවී මාර්ගයෙන් ඉවතට පැන දැරියගේ නිවසේ ගේට්ටුව, තාප්පය ද කඩාගෙන මිදුලට ඇදී ගොස් මෙම අනතර සිදුවූ බවත් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියැදුරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

52 හැවිරිදි සැකකාර රියැදුරු විදුලි කාර්මික ශිල්පියෙක් බව ද පොලිසිය කියයි.

අනතුරින් මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (24 දා) හොරණ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් සංජීව මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment