පාරේ යන්නත් ගාස්තුවක්!

731

මාර්ග නඩත්තුවට සංවර්ධන අරමුදලක්:

රට පුරා ඇති මහාමාර්ග නඩත්තු කිරීමට රජයට හැකියාවක් නොමැති හෙයින් මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර මහාමාර්ග භාවිත කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් එක්රැස් කිරීමට රජය සාකච්ඡා කරමින් තිබෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ සාකච්ඡා මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන බවද ඇමැතිවරයා පැවසීය. අයවැය මගින් යෝජනා කෙරුණු පරිදි අදාළ අරමුදල ස්ථාපිත කෙරෙන අතර රජය මගින් රුපියල් මිලියන සියයක මුදලක් ඒ සඳහා මුලින්ම යොදවනු ලබන බවද බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අදාළ අරමුදල සඳහා ජනාවගෙන් මුදල් අය කර ගැනීමේදී ඉන්ධන මගින් හෝ එය සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment