පාසල් බෑගයක දාගෙන කසිප්පු ස්ප්‍රීතු ඇද්ද තරුණයා අත්අඩංගුවට

178

මුලතිව් සිට යාපනයට පාසල් බෑගයක කසිප්පු ස්ප්‍රීතු ලීටර 8 ක් දමා ගෙන බස් රථයක නැගී පැමිණි තරුණයකු යාපනය පොලිසිය විසින් 30 දා අත් අඩංගුවට ගෙන තිබේ.

එම කසිප්පු ස්ප්‍රීතු තොගය පාර්සල් 12 කට සකස් කොට බෑගයේ දමාගෙන ඔහු පැමිණ ඇති අතර මෙම ජාවාරම ඔහු කාලයක් තිස්සේම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කසිප්පු ස්ප්‍රීතු යාපනයට රැගෙන විත් යාපනයේ පාලු ගොඩනැඟිල්ලකදී සැකකරු ඊට ජලය මුසුකොට පානය කිරීමට සුදුසු මට්ටමකට කසිප්පු සකස් කර ගන්නා බවද හෙළි වී ඇත.

යාපනය පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත බස් රථය නවත්වා මගීන් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම තරුණයා කසිප්පු ස්ප්‍රීතු තොගය සමග පොලිසියට හසු වී තිබේ. මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment