හදිසියේ ලෙඩවී රිෂාඞ් රෝහලේ

837

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ සිටි බාලවයස්කාර දැරියක පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව සිටි බදුර්දීන් මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් නිසා ඔහු ඊයේ (18 දා* පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

රිෂාඞ් බදුර්දීන් මහතා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණවලට අදාළව මේ වන විට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටී.

බදුර්දීන් මහතා තමා රඳවා සිටි ස්ථානයේ සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතා තමාගේ පපුව ප‍්‍රදේශයේ අසනීප තත්ත්වයක් ඇතිවී තිබෙන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු එම නිලධාරීන් ඔහුව ජාතික රෝහලට ගෙන යෑමෙන් පසු ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බදුර්දීන් මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ස්ථානයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රෝහල් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ බදුර්දීන් මහතාගේ රෝගී තත්ත්වය අසාධ්‍ය නොවන බවය.

– චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment