දෙහිවල තවත් සතුන් 4ක් පොසිටිව්

486

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් සිව්දෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා ‘දිවයින’ ට ඊයේ (18දා) පැවැසීය.

ඔරං ඔටං සතුන් දෙදෙනකුට සහ සින්පන්සීන් දෙදෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට පළමු වාර්තා වලින් තහවුරු වී ඇතත් නැවතත් එම සතුන් පරීක්‍ෂණ වලට ලක්නොකර එම සතුන්ට කොරෝනා වැළඳී ඇතිද යන්න නිශ්චිතවම ප‍්‍රකාශ කළ නොහැකි බව එම පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් පවසන බවද දිසානායක මහතා කීය.

කොරෝනා වැළඳී ඇති බවට සැකකරන සතුන් සාමාන්‍ය දිනවලදී පරිදිම හැසිරෙන බවත් එම නිසා සතුන් සිව්දෙනාට කොරෝනා වැළඳී ඇතිද යන්න ඉදිරියට කරන පරීක්‍ෂණ වලින් පසුව නිශ්චිතවම ප‍්‍රකාශ කළ හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මීට පෙර සත්වෝද්‍යානයේ සිටි ‘‘තෝර්’’ නමැති සිංහයාට සහ සිංහ ධේනුවට කොවිඞ් වැළඳී ඇති බවට තහවුරු වී තිබිණි.

– චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment