පාසල් 20කට වැසිකිළිත් නෑ
දිවයින පුරා පාසල් 500ක දරුවන්ට බීමට සුදුසු ජලය නැතැයි ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවැසීය.
එසේම සැලකිය යුතු පාසල් ප්‍රමාණයකට ජලය සුරක්ෂිත කරගැනීමේ නිසි ක්‍රමවේදයක් නැතැයි ද ඒ මහතා කීය.
එමෙන්ම පාසල් වැසිකිළි සහ ජල පහසුකම්වල ගැටලු පැවතීමෙන් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව ද හෙතෙම කියා සිටියේය.
නැඟෙනහිර, උතුරු මැද, ඌව, වයඹ හා මධ්‍යම පළාතේ ඇතැම් පාසල්වල හා වෙරළබඩ ආශ්‍රිතව පිහිටි පාසල් සියයට 20කට වැසිකිළි පහසුකම් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
දරුවන් සිටින සංඛ්‍යාව අනුව වැසිකිළි සෑදීම පිළිබඳ සංඛ්‍යාව ඇතුළත් චක්‍රලේඛ නිකුත් වුවද ඇතැම් පාසල්වල එම චක්‍රලේඛය අනුව හෝ ප්‍රමාණවත් වැසිකිළි නැතැයි ද ඒ මහතා කියාසිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා