පෑලියගොඩට අද එන එළවළු තොග අඩුවිය හැකිලු

57

අධික වැසි තත්ත්වයත් සමඟ පෑලියගොඩ එළවළු තොග පැමිණීමේ අඩුවක් ඇති විය හැකි නිසා ඇතැම් විට එළවළු මිලෙහි වැඩි වීමක් අද සිදුවිය හැකි බවත් පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උපසභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා “දිවයින” ට ඊයේ (24දා) පැවැසීය.

අයහපත් කාලගුණය නිසා නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර ප්‍රදේශවල එළවළු බෝග වගාවන්ට දැඩි හානි සිදුව ඇති බවට එම ගොවීන්ගෙන් දැනකියා ගන්නට ලැබුණු බවද හෙතෙම කීය.

එම තත්ත්වය තුළ එළවළු ලොරි කොළඹට පැමිණීමේ අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.

කෙසේ වෙතත්, අද (25දා) දිනයේ එළවළු තොග ඉතා අඩු ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment