පාස්කු කඳුළු 20දා සිහි කරයි

132

ලබන 20 වැනිදා සැමරෙන පාස්කු ඉරිදා උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්වලදී පාස්කු ප්‍රහාරවලින් මීට වසර හයකට උඩදී ජීවිතක්‍ෂයට පත්වූවන් සිහිපත් කිරීමේ විශේෂ යාඥා සිදු කරන බව කොළඹ අගරදගුරු මැඳුර කියයි.

මේ අතර මෙම ප්‍රහාර සිදුවූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර සහ මඩකළපුව සියොම් දෙව්මැඳුරේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. සෑම කිතුනු දෙව්මැඳුරකම දැඩි පොලිස් රැකවරණය යොදනු ඇත.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට විශේෂ හමුදා රැකවරණයක් ද සපයා තිබේ.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment