ආර්ථික විද්‍යාව උගන්වන එක්තරා ටියුෂන් ගුරුවරයකු තම පන්තියට පැමිණෙන සිසුන් ඉදිරියට කැඳවා සිදුකරන හිංසන ක්‍රියා ගැන ළමාරක්‍ෂක අධිකාරියෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අදාළ ටියුෂන් ගුරුවරයා තම පන්තියට එන සිසුන්ට සිදුකරන හිංසන ක්‍රියා ගැන මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
ශිෂ්ට සම්පන්න සමාජයක කවුරුවත් ඒවා අනුමත කරන්නේ නෑ. එම සිදුවීම සාධාරණීකරණය කරන්න කවුරුවත් අදහස් දක්වන්න එපා කියලත් මම ඉල්ලා සිටින්න කැමැතියි. මේ නව යොවුන් වියේ දරුවන්ට මේ වගේ ශාරීරික අඩන්තේට්ටම් කරල උගන්වපු කාලය ඉවරයි. ඒව කවුරුවත් අනුමත කරන්නෙත් නෑ. ඒව අනුමත කරන විධියේ පුවත්පත් ප්‍රචාරය කරන්නත් එපා. ළමාරක්‍ෂක අධිකාරිය ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා.
මේ සිදුවීමට අදාළ ටියුෂන් ගුරුවරයා යෝෂිත හෙට්ටිආරච්චි නමැති අයකු බවද පැවසේ. එම ගුරුවරයාගේ පන්ති කාමරය තුළ සිදුවී ඇති අදාළ සිදුවීම් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පුළුල් වශයෙන් ප්‍රචාරය වෙමින් පවතී. ඒ අනුව එම ගුරුවරයා පන්ති කාමරය ඉදිරියට සිසුවියක හා සිසුවකු කැඳවා සිසුවිය ලවා සිසුවාට වේවැලකින් පහර දීමට සලස්වන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත