ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැපුවා නිව්ගිනියා රාජ්‍යය තුළ පෝලියෝ වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන පෝලියෝ වෛරස් ප්‍රභේදයක් සාමාන්‍ය රුධිර පරීක්ෂණවලදී නිරෝගී කුඩා ළමුන් දෙදෙනකුගේ රුධිර සාම්පලවල අන්තර්ගතව තිබී සොයා ගැනීමත් සමගම පැපුවා නිව්ගිනියා රාජ්‍යය තුළ පෝලියෝ වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ක්ෂණික පෝලියෝ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ. පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ නගරයක් වන ‘ලේ’ නගරයේ සිදු කළ රුධිර සාම්පල පරීක්ෂාවකදී අදාළ පෝලියෝ වෛරසය ශරීරගත වූ ළමුන් දෙදෙනා හඳුනාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ජනගහනයෙන් මේ වන විට පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන ඇත්තේ හරිඅඩකටත් අඩු සංඛ්‍යාවකි. පෝලියෝ වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට ආසන්න තත්ත්වයක පැවතියැද මෑතක සිට ලොව සමහරක් කලාප තුළ එම වෛරසය නැවත හිස ඔසවන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.