පැරණිම කැරපොත්තන්ට වසර 2000ක ඉතිහාසයක්

287

ලොව පුරා නිවැසියන්ට පීඩා කරන සත්ත්ව විශේෂයක් සේ සැළකෙන කැරපොත්තන් වැඩි වශයෙන් ජර්මානු කැරපොත්තන් විශේෂයට අයත් වන බවත් එම කරපොතු විශේෂයේ මුතුන් මිත්තන් වසර 2000කට වඩා වැඩි කාලයකට පෙර දකුණු ආසියාවේ ජනතාවට පීඩා කර ඇති බව බටහිර විද්‍යාඥයන් විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඇමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් ඉකුත් මැයි 20 වැනිදා සිය සඟරාවේ පළ කර ඇති මෙම අධ්‍යයන වාර්තාවට අනුව මෙම ජර්මානු කැරපොත්තන් ඇමෙරිකා එක්සත් ඇතුළු ලොව පුරා රටවල නගරවල ජීවත් වෙමින් ජනතාවට පීඩා කරන සත්ත්ව විශේෂයකි. මුලදී එම කැරපොත්තන් වසර 250කට පමණ පෙර යුරෝපයෙන් බිහි වූ බවට සැලකිණි. එහෙත් මෙම නවතම අධ්‍යයනයට අනුව ජර්මානු කැරපොත්තන්ට ඊට වඩා පැරණි ඉතිහාසයක් පවතින බව හෙළි වී තිබේ. පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනය සඳහා ලොව රටවල් 17කට අයත් නගර 57 කින් ලබා ගත් ජර්මානු කැරපොත්තන්ගේ සාම්පල 281ක් යොදාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment