පෑලියගොඩ එළවළු මිල තවත් පහළට

1837

පැමිණෙන ජනතාවත් අඩුයි – තොගපිටින් වීසි කරන්න වෙලා – සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග

රාබු රු.40යි – බණ්ඩක්කා රු.40යි – පතෝල රු.40යි

බෝංචි රු.100යි – වට්ටක්කා රු.120යි

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලෙහි විශාල අඩුවීමක් ඊයේ (29 දා) දක්නට තිබූ බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා ‘දිවයින’ට පැවැසීය.

එළවළු මිල අඩු වුවද පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබූ බව ද හෙතෙම කීය.

බොහෝවිට එළවළු අලෙවි කරගත නොහැකි වීමෙන් සමහර වෙළෙඳුන් එළවළු තොගපිටින් විසිකර දමන බව ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ඊයේ රාබු තොග කිලෝවක් රුපියල් 40කට ද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 40කට ද, මෑකරල් කිලෝවක් රුපියල් 60කට ද, දඹල කිලෝවක් රුපියල් 80කට ද, පතෝල කිලෝවක් රුපියල් 40කට ද, ලූනු කොළ කිලෝවක් රුපියල් 80කට ද, තලන බටු කිලෝවක් රුපියල් 100කට ද, නෝකෝල් කිලෝවක් රුපියල් 100කට ද, වම්බටු කිලෝවක් රුපියල් 100කට ද, තක්කාලි කිලෝවක් රුපියල් 120කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 120කට ද, බෝංචි කිලෝවක් රුපියල් 100කට ද, ලීක්ස් කිලෝවක් රුපියල් 140කට ද, කැරට් කිලෝවක් රුපියල් 150කට ද, ගෝවා කිලෝවක් රුපියල් 150කට ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 150කට ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 350කට ද, දෙහි කිලෝවක් රුපියල් 150කට ද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 20කට ද, ඉඟුරු කිලෝවක් රුපියල් 1300කට ද අලෙවි වූ බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මාළු මිල ඉහළට

පෑලියගොඩ එළවළු මිල තවත් පහළට

සාලයා රු.550යි – ලින්නා රු.750යි

බලයා රු.650යි – තලපත් රු.1400යි

පෑලියගෙඩ මාළු මිලෙහි වැඩිවීමක් ඊයේ (29 දා) දක්නට තිබූ බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට පැවැසීය.

අවුරුදු සමය ළං වනවිට මාළු මිලෙහි ඉහළයෑම සාමාන්‍යයෙන් සිදුවන බව ද හෙතෙම කීය.

ඒ අනුව සාලයා තොග කිලෝවක් රුපියල් 550කට ද, ලින්නා කිලෝවක් රුපියල් 750කට ද, හුරුල්ලා කිලෝවක් රුපියල් 750කට ද, බලයා කිලෝවක් රුපියල් 650කට ද, කෙලවල්ලා කිලෝවක් රුපියල් 900කට ද, තලපත් කිලෝවක් රුපියල් 1400කට ද, කොප්පරා කිලෝවක් රුපියල් 1400කට ද, පරාවෝ කිලෝවක් රුපියල් 1200කට ද, තෝරා කිලෝවක් රුපියල් 1800කට ද, කුම්බලාවා කිලෝවක් රුපියල් 800කට ද, බෝල්ලෝ කිලෝවක් රුපියල් 800කට ද, ඉස්සො කිලෝවක් රුපියල් 2000කට ද, දැල්ලො කිලෝවක් රුපියල් 1200කට ද, අමු හාල්මැස්සො කිලෝවක් රුපියල් 700කට ද අලෙවි වූ බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කෙසෙල් මිල මැද අගයක

පෑලියගොඩ එළවළු මිල තවත් පහළට

කෝලිකුට්ටු රු.350යි – ආනමාළු රු.200යි

ඇම්බුන් රු.220යි – ඇඹුල් රු.120යි

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙහි කෙසෙල් ඇතුළු පලතුරු මිල ගණන් අඩු වැඩි වශයෙන් ඊයේ (29 දා) පැවැති බව පෑලියගොඩ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව කෝලිකුට්ටු තොග කිලෝවක් රුපියල් 350කට ද, ආනමාළු කිලෝවක් රුපියල් 200කට ද, ඇම්බුන් කිලෝවක් රුපියල් 220කට ද, ඇඹුල් කිලෝවක් රුපියල් 120කට ද, සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 120කට ද, කොමඩු කිලෝවක් රුපියල් 150කට ද, පැපොල් කිලෝවක් රුපියල් 200කට ද, කර්තකොලොම්බන් අඹ කිලෝවක් රුපියල් 1400කට ද අලෙවි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කීය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment