පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අපද්‍රව්‍ය පිලිස්සීමෙන් පිටවන දුම උහුලන්න බෑ – ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති

35

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අපද්‍රව්‍ය පිලිස්සීමෙන් පිටවන දුර්ගන්ධය හේතුවෙන් පෑලියගොඩ හා අවට ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇත.

ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය සියල්ල වෙළෙඳසල තුළම පලුස්සා දැමීම නිසා මෙම ගැටලුව පැනනැඟී තිබේ.

දිනපතාම මෙම දැඩි දුර්ගන්ධය පැතිරීම නිසා ප්‍රදේශවාසීන් දැඩි ශ්වසන ආබාධවලට ලක්ව ඇති අතර විශේෂයෙන්ම කුඩා දරුවන් හා රෝගී පුද්ගලයන්ට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී ඇත. මේ පිළිබඳව මත්ස්‍ය වෙළෙඳසලේ පාලනාධිකාරියට හා ධීවර අමාත්‍යාංශයට පැමිණිලි කළ ද කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

චමින්ද සිල්වා


advertistmentadvertistment