නුවරඑලිය පීඩ්රූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ නොතීසි අනුව ඊයේ (03 දා) දින අධිකරණය වෙත ඉදිරිපත් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් 8 දෙනකු රුපියල් පනස්දහස බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහැර යළිත් මෙම නඩුව ජූනි මස 09 වැනිදා කැඳවීමට නුවරඑලිය මහෙස්ත්‍රාත් ලංකාංගනි ප්‍රබුද්ධිකා මෙනවිය ඊයේ (03) නියෝග කළාය.
සැකකරුවන් ඉකුත් වසරේ නුවරඑලිය පීඩ්රූ වතුයායට පිවිස එම වතුයායේ වතු අධිකාරිවරයා ඇතුළු පාලන අධිකාරියේ නිලධාරින් කිහිපදෙනකු තේ කර්මාන්ත ශාලාව තුළ රඳවා ගෙන එම තේ කර්මාන්තශාලාවේ සේවකයින් පලවා හැර ඇති බව පවසමින් එම වතුයාය අයත් වතු සමාගම විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
නුවරඑලිය නාලක රත්නායක