පුංචි ඡන්දයට පොහොට්ටුව රැස්වෙයි

57

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ගේ රැස්වීමක් ඊයේ (22 දා) පවත්වා තිබේ.

එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් ඊට එක්ව ඇත.

මේ වනවිට කැඳවා ඇති නාමයෝජනා අනුවම එම ඡන්දය පැවැත්වුවහොත් කටයුතු කරන්නේ කෙසේද යන්න හා එම නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවුවහොත් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment