පුංචි ඡන්දයට පෞද්ගලික අංශයට නිවාඩු දෙන්න – මැ. කො. සේවායෝජකයන්ගෙන් ඉල්ලයි

36

පළාත් පාලන ඡන්ද විමසීම සිදුකෙරෙන ලබන 06 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ට අවශ්‍ය නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටී.

පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ 84 අ (1) වගන්තියට අනුව වැටුප් හෝ පුද්ගලික නිවාඩු අඩු වීමකින් තොරව සේවා නියුක්තිකයන්ට මෙම නිවාඩුව ලබා දිය යුතු වෙයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය අනුව ලබා දෙන නිවාඩු කාලසීමාව තීරණය විය යුතු වෙයි. කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක් ද කිලෝමීටර් 40ත් 100ත් අතර නම් එක් දිනක් ද, කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එකහමාරක් ද, කිලෝමීටර් 150ට වැඩි නම් දින 2ක් ද වන ලෙස ද නිවාඩු කාලසීමාව සකස් විය යුතු වෙයි.

රනිල් ධර්මසේන


advertistmentadvertistment