පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලින් මණ්ඩලය ලබාගන්නා විදුලියට සිදුකරන ගෙවීම් ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කටයුතු කර ඇත.
පාර්ශ්වකරුවන්ගේ, උපදේශකයන්ගේ හා අයකිරීම් කමිටුවේ නිර්දේශ මත 2022 වසරේදී ඉදිරිපත් කරන ලද එම අයක්‍රමය වත්මන් ආර්ථිකමය කාරණා හා සසඳමින් මෙම නව සංශෝධනයන් සිදුකර ඇත.
නව සංශෝධනයට අනුව වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා වසර 20ක ස්ථීර අයක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. වොට් 500 දක්වා ඒකකයකට රුපියල් විසිහතයි ශත හයක් (27.06) දක්වා ද, කිලෝ වොට් 500ට වැඩි ව්‍යාපෘති සඳහා ඒකකයකට රුපියල් විසිතුනයි ශත දහඅටක් ගෙවනු ලබයි. බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘති සඳහා වසර 20කට ස්ථාවර ගාස්තුව ඒකකයකට රුපියල් විසිපහයි ශත හතළිස් අටක් (25.48) ද කුඩා ජලවිදුලි බලාගාර සඳහා ඒකකයකට රුපියල් තිහයි ශත පනස් තුනක් (30.53) සහ සුළං බල ව්‍යාපෘති සඳහා ඒකකයකට රුපියල් විසිනවයයි ශත අසුහයක් (29.86) ද, ජෛවස්කන්ධ මගින් විදුලිය ජනනය කරන ව්‍යාපෘති සඳහා ඒකකයකට රුපියල් පනස් දෙකයි ශත හැත්තෑහතක් ද ලෙස මණ්ඩලයෙන් ගෙවනු ලැබේ.
චමින්ද සිල්වා