පුරවැසි දේපළ විස්තර ලබාදීම නව නීති පැනවීමක් නොවෙයි – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙයි

23

මෙරට පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපල පිළිබඳ විස්තර ලබන ජුලි පළමු වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු වන බවට ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළත් එය නව නීති පැනවීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආදායම් බදු නීතියේ 123(8) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවන පාර්ශවයකින් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් මෙමගින් සිදුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා(26) මාධ්‍ය වෙත පැවසීය. එමෙන්ම මෙම නීති රීති කිසි විටෙකත් අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙම චක්‍රලේඛය මගින් සිදුවන්නේ අක්‍රියව පැවති නීතියක් යළි ක්‍රියාත්මක කිරීම බවත්, ඒ අනුව පසුගිය මාර්තු 21 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම පිළිබඳ නිවේදනය මැයි මස 21 වන දින දේශීය ආදායම් කොමසාරිස්වරිය විසින් නිකුත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment