පේරාදෙණි සරසවියේ සහාය කථිකාචාර්යවරිය සරදියෙල් ගලෙන් වැටී මරුට

1231

උතුවන්කන්ද සරදියෙල් ගලේ අධ්‍යයන චාරිකාවකට එක්ව සිටි පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සහාය කථිකාචාර්යවරියක බවට පැවසෙන 27 හැවිරිදි තරුණියක කන්දෙන් පහළට ඇදවැටී ඊයේ (21 දා) දහවල් මරණයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නො 601, මහජන මාවත, වගුරුකඩුව, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විරස්මිි කොඩිතුවක්කු නමැති පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සහාය කථිකාචාර්යවරියක් ලෙසට කටයුතු කළ තරුණියක බව ද පොලිසිය පවසයි.

පේරාදෙණි සරසවියේ සහාය කථිකාචාර්යවරිය සරදියෙල් ගලෙන් වැටී මරුට

කන්ද නැඟීමට අපහසුවෙන් සිටි සහාය කථිකාචාර්යවරිය මිතුරකුගේ සහයෝගයෙන් කන්දේ මගකට ගොඩවී තරුණයාගේ සහයෝගය නොමැතිව ඉතිරි කොටස තරණය කිරීමට යෑමේදී පය ලිස්සා කන්දෙන් පහළට අදවැටී බරපතළ තුවාල ලබා සිටි ඇය සුවසැරිය ගිලන්රථයක් මගින් රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිට ඇති බව ද පොලිසිය පැවසීය.

කන්දෙන් පහළට ඇදවැටී මියගිය තරුණියගේ මළසිරුර මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන නිහාල් කුමාරතුංග, සංජීව බණ්ඩාර, පොලිස් සැරයන් (28478) විපුල, පොලිස් කොස්තාපල් (68832) යාපා යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සමන්ති වීරසේකර අරණායක – රෝහණ ජයරත්න


advertistmentadvertistment