මේ වනවිට පොල්ගෙඩි අස්වැන්නේ වැඩිවීමක් වාර්තා වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සරත් ඉදිරිසිංහ මහතා පවසයි.
පොල් අස්වැන්නේ වැඩිවීමක් වාර්තා වුවත් පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පොල් භාවිතය ඉහළ යෑම නිසා වෙළෙඳපොළේ මිල අඩුවීමක් දක්නට නැතැයි ද ඒ මහතා කීය.
විශේෂයෙන් පොල් පිටි, කිරි පැකට් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් මෙරට පොල් ඵලදාව යොදාගන්නා බවත් පොල් නිෂ්පාදනය වැඩි ඉන්දුනීසියාව ඇතුළු අනෙකුත් රටවලද ඵලදාව අඩුවී ඇති බවත් ඒ මහතා කීය.
කර්මාන්ත සඳහා භාවිත කරන පොල් කැබලි ඇතුළු ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මේ වන විට අනුමැතිය දී ඇතත් මෙතෙක් ඒවා රටට ගෙන්වා නැති බවද ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා