පොලිස්පති ආරක්‍ෂක ලේකම්ට යැවූ ලිපිය සජබට ගියේ කොහොමද? ඉහළ පෙළේ ආරක්‍ෂක විමර්ශනයක්

285

පොලිස්පතිවරයා විසින් බුද්ධි තොරතුරකට අදාළව ආරක්‍ෂක ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක පිටපතක් සමඟි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රීවරයකු අතට පත්වූයේ කෙසේ දැයි අනාවරණය කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා තිබේ.

විදේශීය ඔත්තු සේවයක් මගින් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි කියන බෝම්බ ප්‍රහාරයක් සහ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් සැලසුම් කර තිබෙන බව කියන කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් බුද්ධි නිලධාරියකු පොලිස්පතිවරයාට යොමු කළ වාර්තාවකට අදාළ කරුණු එම ලිපියේ සඳහන්ව තිබී ඇත.

පොලිස්පතිවරයා විසින් ඉකුත් ජුනි 27 වැනිදා එය ආරක්‍ෂක ලේකම්වරයාට යොමු කර ඇති අතර පෙරේදා (04 වැනිදා) එම මන්ත්‍රීවරයා එහි සඳහන් කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

බුද්ධි තොරතුර ලබාදුන් පොලිස් නිලධාරියාගේ අනන්‍යතාවද එම ලිපිය පිටතට යෑමෙන් අනාවරණය වී තිබුණු අතර එවැන්නක් ආරක්‍ෂක ලේකම්වරයාගේ කාර්යාලයෙන් පිටතට යෑම මේ වන විට බරපතළ ගැටලුවක් වී තිබේ.

සමන් ගමගේ


advertistmentadvertistment