ඡන්දයෙන් ස්ථාවර ආණ්ඩුවක් පත් කළොත් මාස 6න් රට ගොඩ ගන්න පුළුවන් – අනුර කුමාර දිසානායක

204

මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර සහ විශ්වාසනීය නව පාලනයක් පිහිටුවහොත් ඉන්ධන, විදුලිය, ගෑස්, බෙහෙත් ආදිය ලබාදී මාස 06කින් රට සාමාන්‍යකරණයකට ගෙන ආ හැකි බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දහවල් කීය.

එසේ නොමැතිව පාර්මේන්තුව තුළ ඔළු මාරුවකින් හෝ ව්‍යවස්ථා වෙනසක් මගින් මෙම අර්බුදයෙන් ගොඩ යා නොහැකි බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

නව ජනවරමකින් ආණ්ඩුවක් ගොඩනඟා ගත යුතු බවත් එසේ නොමැතිව මෙරටට පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් අර්බුදයෙන් ගොඩ ඒමට පවතින පාලනය යටතේ මාස 06ක් හෝ වසරක් දෙකක් ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාට මාස 06කින් රට ගොඩ දැමිය හැකිනම් ඔහුට රට භාර දිය යුතු බවටත් ඒ සඳහා තමන් ධුරයෙන් අස්වන බවත් අගමැතිවරයා ඊයේ උදේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඡන්දයෙන් ස්ථාවර ආණ්ඩුවක් පත් කළොත් මාස 6න් රට  ගොඩ ගන්න පුළුවන් - අනුර කුමාර දිසානායක

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment