ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

102

කංචනගෙන් ට්විටර් පණිවුඩයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ අදාළ කාල රාමුවට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කරන ඇමැතිවරයා මේ අනුව ලබන මැයි මාසය අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද කියා සිටියි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීමට කාර්යාංශයක් පිහිටුවීමටත් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජයිකා ආයතනයේ සහාය අදාළ ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ලබා ගැනීමටත් මූල්‍ය සහ මානව සම්පත් විගණනය අවසන් කිරීමට මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ලබන ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමටත් අනුමැතිය ලැබුණු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment