පොසොන් මංගල්‍යයට රජය වෙන්කළ ලක්ෂ 50ක මුදල ගංවතුරින් විපතට පත් ජනතාවට දෙන්න – ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

42

පිණ්ඩපාතයෙන් පොසොන් මංගල්‍යය පවත්වන්න නාහිමි දැඩි පිළිවෙතක

මිහිඳු හිමියන් වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා පුද බිම කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන පොසොන් මංගල්‍යය වෙනුවෙන් රජය මගින් වෙන්කර ඇති රුපියල් ලක්ෂ පනහක මුදල, ගංවතුරින් විපතටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට වෙන් කරන ලෙස ඉල්ලා සිටින බව ඓතිහාසික රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලේ රාජ මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පොසොන් මංගල්‍යය වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදීම තුළින් පමණක් රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව උන්වහන්සේ පැවසූහ. එම මුදල ගංවතුරෙන් විපතට පත් රටේ ජනතාවට සහන සැලසීමට යොදවන ලෙසත්, තමන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර මුදල් සොයාගෙන මිහිඳු පෙරහර, සති පිරිත හා පොසොන් මංගල්‍යය ඉතා සාර්ථකව පවත්වනු ලබන බව නායක හිමියෝ පැවසූහ.

තිරප්පනේ – සමන් පෙරේරා


advertistmentadvertistment