පොහොට්ටුව අද තලාවෙන් වැඩ අල්ලයි

432

‘සටන අරඹමු රජරටින් යන තේමාව’ යටතේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වන මංගල ආසන සමුළුව අද (26දා) සවස 3.00ට අනුරාධපුර තලාව නගර මධ්‍යයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලාවැව ආසන සංවිධායක උතුරුමැද හිටපු ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් මහතාගේ මෙහෙයවීම මත මෙම අනුරාධපුර දිස්ත්‍රික් ආසන සමුළුව පැවැත්වෙයි.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රබලයන් රැසක් මෙම මංගල සමුළුවට සහභාගීවීමට නියමිතය.

නොචිචියාගම- එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment