ලංවිම ලාභ මල්ලට බිලියන 61ක් වැටෙයි

139

විදුලි ගාස්තු සංශෝධනයත් සමග ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් (2023) වර්ෂයේ දී රුපියල් බිලියන 61.2ක සැලකිය යුතු ලාභයක් වාර්තා කොට ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

2016 වසරේ සිට වසර හතක පමණ කාලයක් අඛණ්ඩව පාඩු ලබමින් සිටි විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයත් සමග ඉකුත් වර්ෂයේ බිලියන 61.2ක ලාභයක් වාර්තාකොට ඇත. ඉකුත් වර්ෂයේ අගභාගයේ දී සමස්ත විදුලිබල උත්පාදනයෙන් ජල විදුලියේ දායකත්වය ඉහළ යෑම විදුලි බල මණ්ඩලය විසින් අත්පත් කරගනු ලැබූ කාර්ය සාධනය සඳහා හේතු වී ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් ය.

කෙසේ වුවද ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් මාසයේ අග සිට වාර්තා වූ අධික වාර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම වර්ධනය විය. මේ නිසා 2023 වර්ෂයේ තුන්වැනි කාර්තුව අවසන් වන විට සමස්ත බලශක්ති නිෂ්පාදනය සඳහා ජල විදුලියේ දායකත්වය සියයට 29ක් විය.

එහෙත් ඉකුත් වර්ෂයේ දී (2023) විදුලිබල උත්පාදනය සියයට 2.2ක අඩුවීමක් වාර්තා වී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment