පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

419

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දැනුම් දී තිබේ.එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇත.මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 කාලය, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අගෝස්තු 08 වන අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා, ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2023 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment