සමගි ජන බලවේගයේ විරෝධතාවට එක්වූ කත මහමග ඇද වැටී මියගිහින්

600

බදුරලිය කඹුරාවල ප‍්‍රදේශයේ 20 වැනිදා දින විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේගයේ විරෝධතා රැුළියක් සඳහා සහභාගී වෙමින් පෙළපාලියක ගමන් කරමින් සිටි කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වලල්ලාවිට යගිරල ප‍්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. බදුරලිය බෝගහ හන්දියේ සිට රැුළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු විරෝධතා පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ආසනයේ දී මහමග ඇද වැටී ඇතැයි බදුරලිය පොලිසිය පැවසීය.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කාන්තාව බදුරලිය රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර, ඒවනවිටද කාන්තාව මියගොස් සිටි මව ඥාතීහු පවසති.

මෙම වයෝවෘද්ධ කාන්තාව යම් අසනීප තත්වයක් සඳහා ප‍්‍රථිකාර ගනිමින් සිට ඇතැයිද ඒ සම්බන්ධ, වෛද්‍ය නිර්දේශ සහිත ලිපි ලේඛන ද ඇය සතුව තිබී ඇතැයි බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යොමු කර ඇති අතර බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සමගිජන බලවේගයේ අගලවත්ත ප‍්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා විසින් මියගොස් ඇති කාන්තාවගේ අවසන් කටයුතු සියල්ලම සිදු කරන බවද වාර්තාවේ.

මතුගම විශේෂ – අනුර ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment