ජනපති ලේකම්ගෙන් නිවේදනයක්

588

සියලු අමාත්‍යංශ ලේකම්වරු පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා සහභාගී විය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් උපදෙස් දී ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයා නිකුත් කළ ලිපියේ පිටපත් අද කථානායක සහ පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එසේම විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැදවීමට අදහස් කරන්නේ නම් ඔහු විසින් එම විෂයට අදාල අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කළ යුතුය. ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගීවීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment